එක්ව නැගී සිටිමුද? බෙදී වෙන්වී වැනසෙමුද?

උන්මත්තක හිට්ලර් ගේ පිරිසිදු ආර්්‍ය ජාතියක් යන සංකල්පය නිසා මිය ගිය ප්‍රමාණය - මිලියන 70

ත්‍රස්තවාදී ප්‍රභාකරන්ගේ ඊලාම් යුද්ධය නිසා මිය ගිය ප්‍රමාණය - ලක්ෂ 1 - ලක්ෂ 1.5

බොදු බල සේනා ව්‍යාපෘතිය නිසා මිය ගිය යන්නට නියමිත ප්‍රමාණය - ??????????

නැවතත් රට සිවිල් යුද්ධයකට යන තුරු බලා සිටිමුද.....?

නැතිනම් අවුරුදු විසි පහක කෘර යුද්ධයෙන් ගලවාගත් මව්බිම අනාගත පරපුර වෙනුවෙන් සාමයෙන් හා සහජීවනයෙන් යුතු රටක් කරමුද?

තීරණය ඔබ අතේ.

සිතන්න.! 

විසිපස් වසරක යුද්ධය අවසන් වී ඇති මේ තීරණාත්මක මොහොතේ ආගම් හෝ ජාතීන් වශයෙන් නොබෙදී රට සංවර්ධනය කරන්නට වෙන කිසිම දිනක නොලැබෙන අවස්ථාවක් ලැබී තිබියදී, බෙදී වෙන්වී රට නැවතත් ආගමේ නාමයෙන් යුද්ධයකට තල්ලු කරනවාද? නැතිනම් තවත් එන්නට සිටින ගිනිය නොහැකි සං්‍යයාවක් වන අනාගත පරපුරු වලට සාමයෙන් ජීවත්විය හැකි එක්සත් ලංකාවක් බිහි කරනවාද?

තීරණය ඔබ අතේ.

එක්ව නැගී සිටිමුද? බෙදී වෙන්වී වැනසෙමුද?

මව්බිම අනතුරේ

සියවස් ගණනාවක් සිංහල, දෙමළ හා මුස්ලිම් සියල්ලන්ටම සෙවන දුන්, සියලුම ජාතීන් විසින් බුද්ධියෙන් හා තම ශ්‍රමයෙන් ගොඩනැංවූ, 

සිය ගණනක් වූ සිංහල සහ දමිළ රජවරුන් විසින් දිවි හිමියෙන් රැකගත්,

අභීත රණවිරුවන් විසින් ජීවිත පරිත්‍යාගයෙන්, නැවත වතාවක් කුරිරු ත්‍රස්තවාදයෙන් මුදවාගත්

අප සැමගේ මව්බිම වූ ශ්‍රී ලංකා මාතාව,

බොදු බල සේනාව සහ වෙනත් නම් වලින් පෙනී සිටින කැත ජාතිවාදීන් විසින්  නැවතත් අනතුරේ හෙලමින් සිටී...

මව්බිමට ආදරය කරන නියම ශ්‍රී ලාංකිකයිනි.... නැගී සිටීමට කාලයයි මේ!

ආදරණීය චේ

ආදරණීය චේ

ලොව පුරා මිනිසුන් ආත්මාර්ථකාමයෙන් උමතු වී ඇති අවධියක, මමත්වය වෙන කවරදාටත් වඩා ඉස්මතු වී මිනිස්කම් ඉක්මවා යන යුගයක, මුදල් පමණක් ජීවිතය යයි සිතනා නූගතුන් සහ උගත් නමුත් බුද්ධියක් නොමැති අමනයන් රජ කරන යුගයක, මිනිස් කමට නිගා දෙන ආගම් වලින් ජනතාව තලා පෙලා දමන යුගයක ඔබේ අවශ්‍යතාවය වෙන කවරදාටත් වැඩියෙන් දැනෙන බව අවිවාදිතයි.

ඔබගේ අසීමිත මානව දයාව එක් ජාතියකට, එක් ආගමකට හෝ එක් ජන වර්ගයකට නොව මුළු මහත් මිනිස් වර්ගයාටම ඔබ බෙදා දුන්නේ ආත්මාර්ථයෙන් තොරව අව්‍යාජයෙන්මයි. මිනිසුන් වෙනස් වන්නේ රට අනුව, ජාතිය අනුව හෝ ආගම අනුව නොව ඔවුන් මිනිසත් කමට සලකන ආකාරය අනුව බව ඔබේ බොහෝ අදහස් වල ගැබ්ව තිබුණා. ලොව කොහේ හෝ ජනතාව පීඩනයට පත් කරන පාලනයක්, ආගමක් හෝ ජාතියක් වේ නම් ඔවුන් මිනිස් කමට නිගා කරන ජනතාවගේ සතුරෙක් බවත් ඔවුන්ට විරුද්ධව අනුකම්පා විරහිතව සටන් කර ඔවුන නැති කර දැමිය යුතු බවත් ඔබ ක්‍රියාවෙන් ඔප්පු කර ඇත.

ආර්ජන්ටීනාවේ ඉපිද, කියුබානු විප්ලවයට සහයෝගය දක්වා එහි ජයග්‍රහණයේ ප්‍රධාන චරිතයක් පණ පොවා එරට අතිශය වැදගත් විෂයයක් සහිත් අමාත්‍යයන්ශයක් හොබවද්දී, ජීවිතයේ සියලු සැප සම්පත් විදීමට අවස්ථා තිබියදීත් බොලිවියාවේ පීඩිත පන්තියේ විප්ලවය සඳහා ක්‍රියාවෙන්ම සහයෝගය දැක්වීමට දුෂ්කර ගරිල්ලා සටන් වලට නැවත දායක වීමෙන්ම ඔබගේ අසීමිත මානව දයාව ප්‍රකට වේ.

එහිදී පාවාදෙන්නන්ගේ ග්‍රහණයට අසුවී මරණයට පත් වීමෙන් පසුවත් ඔබගේ දේහය ඉතා ඉක්මනින් විනාශ කර දැම්මේ, ජීවත් වන චේ ට වඩා මියගිය චේ බලවත් වන බව ඔවුන් දන්නා නිසාමයි.

ඔබ මියගොස් දශක කීපයක් ගතවී ඇතත්, තවමත් ඔබගේ දර්ශනය අතිශය මානව හිතවාදී බව ප්‍රකට වන්නේ අත්තනෝමතික පාලකයන් සිටින රටක ඉපදීමේ අවාසනාවට අප උරුම කම් කියන නිසාවෙන්.

ආදරණීය ශ්‍රී ලාංකික ජනතාව වෙත......

ආදරණීය ශ්‍රී ලාංකික ජනතාව වෙත......

නූල්පටක යමක් නොමැතිව යටිගිරියෙන් බැගිරි තලමින් මෙලොව එලිය දුටු දා පටන් ගොරොද්දේ ඇද මියයන අවසන් මොහොත් දක්වා අහිමි ඒත් හිමිවිය යුතු බොහෝ දේවල් වෙනුවෙන් අඬන දොඩන වැලපෙන මිනිසුන් හැරපියා සතර රියනක පන්චස්කන්දය රැකගනු වස් නිශ්ක්‍රමණය කර, නුහුරු නුපුරුදු මිනිසුන් අතර හායි බායි ගාමින් කලදවස ගෙවමින්, හාන්සි වී සිටිනා විටදී දැනෙන කාන්සිය විසින් වැදූ හිතේ මාන්සියෙන්, තෝන්තු වී ගිය හිතක් සුවපත් කර ගැනීමට නොව පැතූ පැතුම් සඵල කර ගත නොහැකි වූ අපලය ගෙවීයන නිසාවෙන් එදා කල නිශ්ක්‍රමණය අභිනිශ්ක්‍රමණයක් කරමින්, උපන් බිමට ගොඩබැසීමේ දොලදුකින් පෙලෙන කෙනෙකුගේ හීන් කෙදිරියක් තමයි මේ කියල උඹලට හිතේවි.

ඉතින් අපි ගැන මොනව ලියන්නද? සුදු හාමිනේ කෙනෙකුගේ නැත්නම් සුදු රාළකුගේ වත්තක තණකොල ටිකක් කපල, ගහක් කොලක් පෑහල පාත්තියක වල් නෙලල පනං හතරක් හොයාගෙන පවුල් බර හෑල්ලුකරන් කල දවස ගෙවනව. හැබැයි ඉතින් මේ රටවල් වල වල් නෙලන එකාට උඹල වගේ වලා කියන්නේ නැහැ. අමතන්නේ Gardner හෝ Landscaper කියන නම්බුකාර වදන් වලින්.

ඉතින් උඹලගේ වත ගොත කොහොමද? ඒක ගෝත කරුමයක් කියල නොදැනම ඇහුව නෙවෙයි. අහන්න ඕන නිසා ඇහුව විතරයි. රට තොට ගැන අහන්නත් දුකයි. රට තොට උඹලට අපට නෙවී, උන්ට සහ අරුන්ට ම ඇරිච්ච හින්ද හිතේ ඇතිවෙන හිරිකිතේ නිමක් නැහැ.

ලියනප්පුලා හා පෙත්තප්පුලා විසින් පතුරුවා හරිනු ලබන දෙසැටක් (62) දේශපාලන මිත්‍යාදෘෂ්ටින් විසින් අන්දෝ සන්සාරගත කරන ලද ජනතාවක් සම්‍යක් දෘෂ්ඨික කල හැකි සතර අගතියෙන් තොර, සතර බඹ විහරණයෙන් යුත් සම්මා සති, සම්මා සමාධි ආදී මහා පුරුෂ ලක්ෂණ ඇති විමුක්තිදායක දේශපාලන මහා පුරුෂයෙකුගේ ප්‍රාදූර්භූත වීම නුදුරේම සිදුවේවායි නව වසරේ ප්‍රාර්ථනා කළ යුත්තාහ.

“තමන් බඩගින්නේ සිටීම නොව අනුන් බඩගින්නේ සිටිනු දැකීමයි දුක“ ඒ මානව ප්‍රේමයෙන් යුතු එක්තරා උදාර පුරුෂයෙකු කළ සුප්‍රසිද්ද කියමනක්, ඒත් කුස පොත්ත පිට පොත්තට ඇලිච්ච මිනිසුන්ගෙන් වැඩිදෙනා “බලහල්ලකො අපි බඩගින්නේ උන්නම මුන්ටනෙ රුදාව“ කියල කියනවනම් ඡේදනය කරගත යුත්තේ ශරීරයේ කිනම් අවයවයක්ද?

අපේ රටට ගැලපෙන එකම චින්තනය වෙන්නේ ජේසුස් ගේ, බුදුන්ගේ, මාර්ක්ස්ගේ හෝ ලෙනින්ගේ හෝ කාගෙවත් චින්තනය නොව “සකල දේශවාසී පාදඩයනි එක්වව්.“ යන වර්ථමාන චින්තනය බවයි මගේ වැටහීම. උඹලට වැටහෙන්නේ කොහොමද?

උගතුන් ඇතත් බුද්ධිමතුන් නැති ජාතියක් ගොනාට ඇන්දවීම කොයි තරම් ලේසිද යන්න තේරෙන්නේ අපි අපිම ගැන හිතත්දී. මේ වින්නැහියට වගකිව යුත්තේ අපේ හාමුදුරුවරු කියලයි මම නම් හිතන්නේ. මන්තරයක්, පිරිතක්, සෙත් කවියක් මේ කොයි එකෙත් බල පිහිටන්නේ ජප කරන වාර ගණන අනුව කියල මම අහල තියෙනවා. අවුරුදු දෙදහස් ගණනක් තිස්සේ භුක්තානු මෝදනාවෙදි කියන “චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති, ආයු වන්නෝ සුඛං බලං“ වලින් තමයි අපිට ඇනිල තියෙන්නේ. දානයක් දුන්නම සතර දෙයක් ලැබෙනවලු. ඒ ආයුෂ, වර්ණය, සැපය, බලය. කෝ හත්ඉලව්වේ බුද්ධිය?

බුද්ධීය ගන්න පහසුම ක්‍රමයක් තියෙනවා. අහන, බලන, දකින දේවල් එක පාරටම පිළිගන්නේ නැතුව හොඳට කිරල මැනල තීන්දු තීරණ වලට ආවොත්, ඒක උඹල අපේ විතරක් නෙවේ, නූපන් එකාගෙත් වාසනාවක්. රාජ්‍ය භාෂාවෙන් කිව්වොත් Seven Question words වලින් (Why, who, what, which, where, when, how) වගතුවක් නැති භාෂාවෙන් කිව්වොත් ඇයි, කින්ද, මන්ද, කවුද, කවද්ද, කොහේද, මොකක්ද? යන වචන වලින් ගැලපෙන වචනය ඕනෙම දේකට දාල ප්‍රශ්ණ කෙරුවොත් බුද්ධිමත් වීම අමාරු නැහැ.

රටේ දේශපාලන අඥානයින් විසින් දෙසාබාන විබ්බන තේරුම් ගැනීමට තැටමීම නිසාවෙන් මොලේ උලුක්කු කරගත් උඹලට මගේ බණ තේරුම් ගැනීම ලේසි වෙයිද මන්ද?

දේශපාලන මිත්‍යාදෘෂ්ඨින් දෙක තුනක් විතරක් දැනට කියන්නම්.

1. අතුරලියේ රතන හිමි 2011 ඔක්තෝබර් 26 වෙනිදා දිවයින පත්තරේට මෙහෙම කියනව. “මේ මනාප ක්‍රමය හොරුන් තක්කඩින් මංකොල්ල කාරයින් බිහි කරනව. ජාතික ලයිස්තුව නිසා පාදඩයින් පාර්ලිමේන්ත්වට එනවා.

ඉතින් හත්වලාමේ ජාතික ලයිස්තු, මනාප ලැයිස්තු හදන්නේ ඡන්දෙ ඉල්ලන උඹලද අපිද?

මේ කතාවම එස් එල් ගුණසේකරත් 2011 ඔක් 16 වෙනිදා දිවයිනට කියනව මරාගන්නේ මනාප ක්‍රමය නිසාලු. වෙනත් පක්ෂ වල උන් මරාගන්නව වෙනුවට එකම පක්ෂේ එවුන් මරාගන්නේ ජේ ආර් ට පින් සිද්ධ වෙන්න. කාගෙත් හිතට දුකක් දැනිල තියෙන්නේ මෙන්න මේකට. හැම කුපාඩි කමකටම බැනුම් අහන්නේ අහිංසක ජේ ආර්. ජේ ආර් තිබ්බ ඔක්කොම කනපිට ගැහුවේ නරක ප්‍රතිපල ගැන නොදැන සද් භාවයෙන් වෙන්න බැරිද? ඒත් ඒ වැඩ වල නරක දැක දැකත් ඒවා පෝෂණය කරමින් පවත්වා ගෙන යන උන් ජේ ආර් ට වඩා පාහරයින් කියල හිතෙන්නේ නැද්ද?

වැදගත් ජාතික පුවත් පතක් කියල කියන දිවයින පසුගිය ජූලි 28 කතු වැකියේ මෙහෙම කියනවා. “නිශාන්ත මුතුහෙට්ටිගම ට එරෙහිව පැවති නඩුවේදී ඔහුට මානසික රෝගයක් තිබේදැයි සොයා බලා වාර්තා කරන ලෙස විනිසුරුතුමා නියෝග කළේය. ඊළඟ මැතිවරණයේදී අතිවිශාල මනාප සංඛ්‍යාවක් ලබාගනිමින් මුතුහෙට්ටිගම පාර්ලිමේන්තුවට ගියේය. ඒ අනුව මානසික රෝගයක් ඇත්තේ මුතුහෙට්ටිගමට නොව ඡන්ද දායකයාටය.“ එතකොට මුතුහෙට්ටිගමට නාම යෝජනා දුන්නු උන්ට තියෙන්නේ මොලේ අපස්මාරයද?

සංවර්ධනයේ ආශ්චර්්‍යයත් මේ අන්ඩර දෙමල වගේ කියල මට හිතෙනවා!

අහාර අපතේ නොයවන්න (Don’t waste Food)

ලොව තුල සම්පත් බෙදී යාමේ විශමතාවය හොඳින්ම පෙන්වන පහත පින්තුර පෙල බලන්න. එක් අන්තයක මිනිසුන් ආහාර වැඩිවීමේ හෙවත් අධි-පෝෂණයෙන් පීඩා විඳිද්දී තවත් පිරිසක් මන්දපෝෂණයෙන් මිය යති. දියුණු යයි සම්මත රටවල ආහාර ටොන් ගණනින් අපතේ යවද්දී අළුත උපන් දරුවාට කිරි උගුරක් ලබා දීමට නොහැකිව වැහැරී ගිය අම්මාවරුන්ගේ ඡායාරූප කෙතරම් ශෝචනීයද.

fat_people_18

mcdonaldscsr

starving_kids

312991_2280237519211_1046989616_2651089_2088671066_n

31012953

රනිල් විරෝධීන් සහ කැරලි!

රනිල් විරෝධීන් දැන් ආයෙත් එලි බැස ඇත. පලාත් පාලන ඡන්දය පැරදුනේ රනිල් නිසා බවත් ඉතාමත් ඉක්මනින්ම නායකත්වයේ වෙනසක් අවශ්‍ය බවත් මොවුන් කෑ ගසයි. තව ටික දවසකින් නැවතත් මේ උණුසුම අඩු වුනායින් පසුව රනිල් නායකත්වයේ සිටිනු ඇත. රනිල් එලවනු යයි කී වුන් රනිල් ගේ හොඳ කියනු ඇත.

මොකක්ද රහස? ඇත්තටම ඇයි රනිල් එලවන්න බැරි? මම හිතන විදිහට මෙතන රනිල් ට වඩා සුදුස්සෙක් නැහැ. ඒක තමයි රහස. මහින්ද ජනාධිපතිතුමා අනාගතය ගැන කිසිම බයක් සැකක් නැතුව පුටුවේ වාඩි වෙලා ඉන්නේ රනිල්ට ඒ තැන ගන්න බැරි බව දන්න නිසා. (ඒකට හේතුව රනිල්ගේ අදක්ෂකමට වඩා අපේ රටේ මිනිස්සුන්ගේ ඡන්දය දෙන සාම්ප්‍රදායික ක්‍රමය. කැපුවත් නිල්, කැපුවත් කොළ කියන ක්‍රමය නිසා) ඊටත් වඩා බය නැතුව ඉන්නේ රනිල් නැත්නම් ඒ තැන ගන්න වෙන කිසිම කෙනෙක් නැති බව හොඳින්ම දන්න නිසා. රනිල් ට ටිකක් බැහැලා වැඩ කළා නම් ඔය සජිත්, දයාසිරි, නැත්නම් රෝසි වගේ අයට යන එන මං නැති වෙනවා. ඒක දන්න නිසාම තමයි මෙ කට්ටිය රනිල් ට වැඩ බැහැ, රනිල්ව එලවන්න ඕන කියල කියන්නේ. රනිල් ගේ තියෙන උගත්කමත්, ජාත්‍යන්තර දේශපාලනය ගැන තියෙන් දැනුමත්, දේශපාලන කපටිකමත් තේරුම් ගන්න පුළුවන් මේ තරම් එපා කියද්දිත්, එලවන්න උත්සහ කරද්දිත් තවම නායකකමේ ඉන්න එකෙන්ම.

එහෙමනම් පුළුවන්කම තියෙද්දි රනිල් බැහැල වැඩ කරන්නේ නැත්තේ ඇයි ? මහින්ද ජනාධිපති තුමාට සටනක් දෙන්නේ නැත්තේ ඇයි? මම නම් හිතන විදිහට මේ දෙකම ධනපති පක්ෂ.රනිල් ගේ එක්සත් ජාතික පක්ෂයනම් පැහැදිලිවම ධනපති පක්ෂයක් විදිහට පෙනී ඉන්නවා. ඒ විදිහට ප්‍රතිපත්ති සකස් කරනවා සහ වැඩ කරනවා. රනිල් ගේ ප්‍රතිපත්තිය වෙන්නේ ජාත්‍යන්තරයට ගිය, විවෘත ආර්ථිකය මත සම්පූර්ණයෙන්ම පදනම් වුන රටක් විදිහට වැඩ කිරීම. ඒ වගේම මහින්දගේ නිදහස් පක්ෂයත්, පනස් හයේ ඇතිවුන දේශීය පුබුදුව, නැත්නම් දේශිය නායකත්වය සහ ඔය වෙනත් මොන මොන දේ කළත් කිව්වත් තනිකරම ධනපති පක්ෂයක් සහ විවෘත ආර්ථිකය පිළිගත්ත එකක්. එකම ප්‍රශ්ණය තියෙන්නේ රනිල් වගේ ඒ දේවල් ප්‍රසිද්ධියේ පිළිගන්නේ නැති එකයි. ඉතින් රනිල් උඩට ඇවිල්ලා මහින්දට සටනක් දෙන්නේ නැත්තේ, රනිල්ගේ ප්‍රතිපත්ති රනිල්ටත් වඩා හොඳට මහින්ද මහත්තයා ක්‍රියාත්මක කරන නිසා. විශේෂයෙන් ම ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වල මිතුරෙක් විදිහට රනිල්ව හැඳින්නුවත් ඒ රටවල් වලට ඕන රනිල්ව ජනාධිපති කරවන්න නෙමෙයි, ඒ රටවල් ආර්ථික සහ වෙනත් ප්‍රතිපත්ති අපි ලවා ක්‍රියාත්මක කරවා ගන්න. ඉතින් මහින්ද ජනාධිපති තුමා මේ වැඩේ මිනිස්සුන්ට කොළේ වහලා රනිල්ටත් වඩා හොඳින් කරන නිසා ඒ රටවලට රනිල්ව ජනාධිපති කරවන්න උවමනාවක් නැහැ. රනිල් මේක හොඳට දන්න නිසා තමයි දැන් බොරුවට මහින්දව එලවන්න ට්‍රයි කරන්නේ නැත්තේ. රනිල් බලාගෙන ඉන්නේ අවස්ථාව එනකම්. කවදාහරි, කොහේදිහරි මහින්ද මහත්තයා බටහිරට විරුද්ධ වෙලා ඒ රටවල් තරහ කරගත්ත දවසට අපේ මිනිස්සුන්ට තේරෙයි රනිල් ගේ කල් මැරිල්ලේ තේරුම. මහින්ද ජනාධිපති තුමාත් මේක දන්නවා, ඒ නිසා තමයි මොන ප්‍රශ්න ආවත් රනිල්ට නායකත්වයේ ඉන්න උදව් කරන්නේ. නැතුව රනිල් ඉන්නකම් පක්ෂය පරදින නිසා ඒ වාසිය ගන්න කියන බොළඳ හේතුව නිසා නෙවෙයි. කවදාහරි තදින්ම බටහිර බලපෑමක් ආවොත් රනිල්ගේ උදව්ව රට වෙනුවෙන් මහින්දට ලැබෙන බව මහින්ද දන්නවා.

රනිල්, මහින්ද එක්ක තරඟකරපු පලවෙනි ජනාධිපතිවරණය මහින්ද ජනාධිපතිවුනේ යන්තමින්. ඉතාමත් සුළු ඡන්ද ගාණකින් තමයි මහින්ද ඉදිරියට ආවේ. කාටත් මතක ඇති තිබුණ තරඟය. දෙවනි ජනාධිපතිවරණය පැරදුනේ රනිල්ගේ අදක්ෂකමෙන් කියලා කියන්න දැන් බැහැ. හේතුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනේ සරත් ෆොන්සේකා. ඊට පස්සේ ආපු ගොඩක් ඡන්ද ප්‍රාදේශීය සහ පළාත් සභා. ඒව පැරදුනේ සියයට සියයක්ම රනිල්ගේ අදක්ෂකමෙන් කියන්න පුළුවන්ද. මම නම් කියන්නේ ඒවා පැරදුනේ ඒ ඒ ආයතන වලට තරඟ කරපු අයගේ අදක්ෂකම නිසා. ඒ අයට තරඟකාරීව ඉදිරිපත් වෙන්න බැරි වුන නිසා. නැත්නම් රනිල් ඒ තැන් වලට ගිහිල්ලා ඒ අයට ඡන්ද අරන් දෙන්නද? අපි හිතමු ඇත්තටම නායකත්වය දුර්වලයි නැත්නම් කිසිම උදව්වක් නැහැ කියලා, ඒත් අපේක්ෂකයා හොඳ නම් තරඟකාරී නම් දිනන්න බැරි නැහැ. හොඳම උදාහරණය තමයි මහින්ද මහත්තයා පලවෙනි පාරට ජනාධිපති වුන අවස්ථාව. එදා තමන්ගෙම පක්ෂෙ අය කකුලෙන් අදිද්දි මහින්ද තනියම ගේම දීලා දින්නා.

මේ අය කියන විදිහට රනිල් අදක්ෂනම් ඇත්තටම රනිල් එලවන්න පුළුවන්නේ? ඇයි බලාගෙන ඉන්නේ. පක්ෂ ව්‍යවස්ථාවෙ තියෙන ඒකාධිපති විදිහ නිසා කිය කිය බොරුවට ඉන්නේ ඇයි. ව්‍යවස්ථාව ඒකාධිපතිනම් ඇයි රනිල්ට බල කරලා බැරි නම් උද්ගෝෂණය කරලා හරි බැරිනම් බලෙන් හරි ඒක වෙනස් කර ගන්නේ නැත්තේ? හේතුව රනිල්ගේ තියෙන දේශපාලන දැනුම ඒ පක්ෂයේ වෙන කිසිම කෙනෙකුට නැහැ.

අපි කොච්චර කිව්වත් ශක්තිමත් විපක්ෂ නායක කෙනෙක් නැහැ, ඒක තමයි මහින්ද හිතුමතේට වැඩ කරන්නේ කියලා, මම නම් හිතන්නේ මහින්දට ලැබිලා තියෙන්නේ මෑත ඉතිහාසයේ හිටපු ශක්තිමත්ම සහ දේශපාලන බුද්ධිය අතින් පරිනතම විපක්ෂ නායක කෙනෙක්. ගහට ගහක් සහ කරට කරක්! ඉදිරියට බලාගමු මේ දෙන්නගේ සටන!

රනිල් විරෝධීන් දැන් ආයෙත් එලි බැස ඇත!