රනිල් විරෝධීන් සහ කැරලි!

රනිල් විරෝධීන් දැන් ආයෙත් එලි බැස ඇත. පලාත් පාලන ඡන්දය පැරදුනේ රනිල් නිසා බවත් ඉතාමත් ඉක්මනින්ම නායකත්වයේ වෙනසක් අවශ්‍ය බවත් මොවුන් කෑ ගසයි. තව ටික දවසකින් නැවතත් මේ උණුසුම අඩු වුනායින් පසුව රනිල් නායකත්වයේ සිටිනු ඇත. රනිල් එලවනු යයි කී වුන් රනිල් ගේ හොඳ කියනු ඇත.

මොකක්ද රහස? ඇත්තටම ඇයි රනිල් එලවන්න බැරි? මම හිතන විදිහට මෙතන රනිල් ට වඩා සුදුස්සෙක් නැහැ. ඒක තමයි රහස. මහින්ද ජනාධිපතිතුමා අනාගතය ගැන කිසිම බයක් සැකක් නැතුව පුටුවේ වාඩි වෙලා ඉන්නේ රනිල්ට ඒ තැන ගන්න බැරි බව දන්න නිසා. (ඒකට හේතුව රනිල්ගේ අදක්ෂකමට වඩා අපේ රටේ මිනිස්සුන්ගේ ඡන්දය දෙන සාම්ප්‍රදායික ක්‍රමය. කැපුවත් නිල්, කැපුවත් කොළ කියන ක්‍රමය නිසා) ඊටත් වඩා බය නැතුව ඉන්නේ රනිල් නැත්නම් ඒ තැන ගන්න වෙන කිසිම කෙනෙක් නැති බව හොඳින්ම දන්න නිසා. රනිල් ට ටිකක් බැහැලා වැඩ කළා නම් ඔය සජිත්, දයාසිරි, නැත්නම් රෝසි වගේ අයට යන එන මං නැති වෙනවා. ඒක දන්න නිසාම තමයි මෙ කට්ටිය රනිල් ට වැඩ බැහැ, රනිල්ව එලවන්න ඕන කියල කියන්නේ. රනිල් ගේ තියෙන උගත්කමත්, ජාත්‍යන්තර දේශපාලනය ගැන තියෙන් දැනුමත්, දේශපාලන කපටිකමත් තේරුම් ගන්න පුළුවන් මේ තරම් එපා කියද්දිත්, එලවන්න උත්සහ කරද්දිත් තවම නායකකමේ ඉන්න එකෙන්ම.

එහෙමනම් පුළුවන්කම තියෙද්දි රනිල් බැහැල වැඩ කරන්නේ නැත්තේ ඇයි ? මහින්ද ජනාධිපති තුමාට සටනක් දෙන්නේ නැත්තේ ඇයි? මම නම් හිතන විදිහට මේ දෙකම ධනපති පක්ෂ.රනිල් ගේ එක්සත් ජාතික පක්ෂයනම් පැහැදිලිවම ධනපති පක්ෂයක් විදිහට පෙනී ඉන්නවා. ඒ විදිහට ප්‍රතිපත්ති සකස් කරනවා සහ වැඩ කරනවා. රනිල් ගේ ප්‍රතිපත්තිය වෙන්නේ ජාත්‍යන්තරයට ගිය, විවෘත ආර්ථිකය මත සම්පූර්ණයෙන්ම පදනම් වුන රටක් විදිහට වැඩ කිරීම. ඒ වගේම මහින්දගේ නිදහස් පක්ෂයත්, පනස් හයේ ඇතිවුන දේශීය පුබුදුව, නැත්නම් දේශිය නායකත්වය සහ ඔය වෙනත් මොන මොන දේ කළත් කිව්වත් තනිකරම ධනපති පක්ෂයක් සහ විවෘත ආර්ථිකය පිළිගත්ත එකක්. එකම ප්‍රශ්ණය තියෙන්නේ රනිල් වගේ ඒ දේවල් ප්‍රසිද්ධියේ පිළිගන්නේ නැති එකයි. ඉතින් රනිල් උඩට ඇවිල්ලා මහින්දට සටනක් දෙන්නේ නැත්තේ, රනිල්ගේ ප්‍රතිපත්ති රනිල්ටත් වඩා හොඳට මහින්ද මහත්තයා ක්‍රියාත්මක කරන නිසා. විශේෂයෙන් ම ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වල මිතුරෙක් විදිහට රනිල්ව හැඳින්නුවත් ඒ රටවල් වලට ඕන රනිල්ව ජනාධිපති කරවන්න නෙමෙයි, ඒ රටවල් ආර්ථික සහ වෙනත් ප්‍රතිපත්ති අපි ලවා ක්‍රියාත්මක කරවා ගන්න. ඉතින් මහින්ද ජනාධිපති තුමා මේ වැඩේ මිනිස්සුන්ට කොළේ වහලා රනිල්ටත් වඩා හොඳින් කරන නිසා ඒ රටවලට රනිල්ව ජනාධිපති කරවන්න උවමනාවක් නැහැ. රනිල් මේක හොඳට දන්න නිසා තමයි දැන් බොරුවට මහින්දව එලවන්න ට්‍රයි කරන්නේ නැත්තේ. රනිල් බලාගෙන ඉන්නේ අවස්ථාව එනකම්. කවදාහරි, කොහේදිහරි මහින්ද මහත්තයා බටහිරට විරුද්ධ වෙලා ඒ රටවල් තරහ කරගත්ත දවසට අපේ මිනිස්සුන්ට තේරෙයි රනිල් ගේ කල් මැරිල්ලේ තේරුම. මහින්ද ජනාධිපති තුමාත් මේක දන්නවා, ඒ නිසා තමයි මොන ප්‍රශ්න ආවත් රනිල්ට නායකත්වයේ ඉන්න උදව් කරන්නේ. නැතුව රනිල් ඉන්නකම් පක්ෂය පරදින නිසා ඒ වාසිය ගන්න කියන බොළඳ හේතුව නිසා නෙවෙයි. කවදාහරි තදින්ම බටහිර බලපෑමක් ආවොත් රනිල්ගේ උදව්ව රට වෙනුවෙන් මහින්දට ලැබෙන බව මහින්ද දන්නවා.

රනිල්, මහින්ද එක්ක තරඟකරපු පලවෙනි ජනාධිපතිවරණය මහින්ද ජනාධිපතිවුනේ යන්තමින්. ඉතාමත් සුළු ඡන්ද ගාණකින් තමයි මහින්ද ඉදිරියට ආවේ. කාටත් මතක ඇති තිබුණ තරඟය. දෙවනි ජනාධිපතිවරණය පැරදුනේ රනිල්ගේ අදක්ෂකමෙන් කියලා කියන්න දැන් බැහැ. හේතුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනේ සරත් ෆොන්සේකා. ඊට පස්සේ ආපු ගොඩක් ඡන්ද ප්‍රාදේශීය සහ පළාත් සභා. ඒව පැරදුනේ සියයට සියයක්ම රනිල්ගේ අදක්ෂකමෙන් කියන්න පුළුවන්ද. මම නම් කියන්නේ ඒවා පැරදුනේ ඒ ඒ ආයතන වලට තරඟ කරපු අයගේ අදක්ෂකම නිසා. ඒ අයට තරඟකාරීව ඉදිරිපත් වෙන්න බැරි වුන නිසා. නැත්නම් රනිල් ඒ තැන් වලට ගිහිල්ලා ඒ අයට ඡන්ද අරන් දෙන්නද? අපි හිතමු ඇත්තටම නායකත්වය දුර්වලයි නැත්නම් කිසිම උදව්වක් නැහැ කියලා, ඒත් අපේක්ෂකයා හොඳ නම් තරඟකාරී නම් දිනන්න බැරි නැහැ. හොඳම උදාහරණය තමයි මහින්ද මහත්තයා පලවෙනි පාරට ජනාධිපති වුන අවස්ථාව. එදා තමන්ගෙම පක්ෂෙ අය කකුලෙන් අදිද්දි මහින්ද තනියම ගේම දීලා දින්නා.

මේ අය කියන විදිහට රනිල් අදක්ෂනම් ඇත්තටම රනිල් එලවන්න පුළුවන්නේ? ඇයි බලාගෙන ඉන්නේ. පක්ෂ ව්‍යවස්ථාවෙ තියෙන ඒකාධිපති විදිහ නිසා කිය කිය බොරුවට ඉන්නේ ඇයි. ව්‍යවස්ථාව ඒකාධිපතිනම් ඇයි රනිල්ට බල කරලා බැරි නම් උද්ගෝෂණය කරලා හරි බැරිනම් බලෙන් හරි ඒක වෙනස් කර ගන්නේ නැත්තේ? හේතුව රනිල්ගේ තියෙන දේශපාලන දැනුම ඒ පක්ෂයේ වෙන කිසිම කෙනෙකුට නැහැ.

අපි කොච්චර කිව්වත් ශක්තිමත් විපක්ෂ නායක කෙනෙක් නැහැ, ඒක තමයි මහින්ද හිතුමතේට වැඩ කරන්නේ කියලා, මම නම් හිතන්නේ මහින්දට ලැබිලා තියෙන්නේ මෑත ඉතිහාසයේ හිටපු ශක්තිමත්ම සහ දේශපාලන බුද්ධිය අතින් පරිනතම විපක්ෂ නායක කෙනෙක්. ගහට ගහක් සහ කරට කරක්! ඉදිරියට බලාගමු මේ දෙන්නගේ සටන!

රනිල් විරෝධීන් දැන් ආයෙත් එලි බැස ඇත!