මෙරට පොලීසිය ප්‍රශ්නයක් දෙස බලන ආකාරය පුදුම සහගතය. තීරණයක් ගැනීමේදී පළමුව එය ක්‍රියාවේ යොදවා දෙවනුව සලකා බලයි. ඉන් පසුව තීරණය වෙනස් කරයි. ජනතාව අන්ද මන්ද වී බලා සිටියි. කුමක් නීති සහගතද, කුමක් නීති විරෝදීදැයි නොදන්නා ජනතාව හිතෙන හිතෙන දේ කරයි. ඊට පසුව පොලිසිය ඔවුන්ව හිරභාරයට ගනී. අවසානයේ නිසි පරිදි නීති සකසා නැති කමින් නඩු නැතිව නිදහස් කරණු ලබයි.
හොඳම උදාරණය කිහිපයක්ම දිය හැකිය!
ක්‍රිකට් ලොක කුසලානය ආරම්භයට පෙර පොලිස්පති මහින්ද බාලසූරිය මහතා මාධය හමුවක් කැඳවා ආඩම්බරයෙන් ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරඟ සඳහා ප්‍රේක්ෂකයන් ක්‍රීඩාංගනයට ඇතුලු වීමේදී කොඩි සඳහා මිටවල්, සංගීත භාණ්ඩ, කිසිම ආකාරයක බෝතල්, ප්ලාස්ටික් පුවරු, බැනර්, පෝස්ටර් හෝ මධ‍්‍යසාර රැගෙන ඒම තහනම් බවයි. ක්‍රිකට් තරඟයක් නරබා පුරුදු මෙරට ප්‍රෙක්ෂකයන්ට මෙය අදහාගත නොහැකි විය. මධ්‍යසාර හා සිගරට් තහනම් කිරීම යුක්ති සහගත වුවත් අනෙකුත් ද්‍රව්‍ය නොමැතිව තරඟයක් නරඹන්නේ කෙසේදැයි ඔවුන් කල්පනා කරන්නට විය. සමහරු මෙය පොහොය දින භාවනා වැඩසටහනක් යයි වරදවා වටහාගැනීමටද සූදානම් විය. නමුත් ක්‍රිකට් වලට ආදරය කරන බොහෝ අයගේ බලවත් ඉල්ලීම හා බලකිරීම මත අපේ පොලිස්පතිතුමා මේ සීමාකිරීම් යම් තරමකට ලිහිල් කරගත්තේය. ලී පොලු හැර අනෙකුත් දේ රැගෙන යාමට අවසරය ලැබුණි. බොහෝ ආඩම්බරයෙන් පුවත් පත් සාකච්ඡා පවත්වා ප්‍රකාශ කළ දේ අකුලා ගත්තේය. මේ ප්‍රකාශය කිරීමට කළින් ක්‍රිකට් කීඩාව නරඹන කෙනෙකුගෙන් උපදෙසක් ගත්තානම් මේ අවනම්බුව නොවීටම ඉඩ තිබු බව අපට හැඟේ.
පිටතින් රැගෙන ඒම තහනම් කර තිබූ මධ්‍යසාර වෙනුවට බීර සමාගමක් විසින් ක්‍රීඩාංගනය තුලම ජනතාවට නාන්නට ඇතිවන තුරු බීර විකිණිමෙහි යෙදුනි. මේ තහනම් කිරීමේ අරමුණ ඒ සමාගමට ලාභ ලබාදීමදැයි අපි නොදන්නෙමු. රුපියල් 600-700 පමණ අරක්කු බෝතලයක් ගෙන කිහිප දෙනෙකු එකතු වී පානය තර තරඟය අතරතුර ලබගෙන්නා විනෝදය සඳහා මේ නිසා රුපියල් 1500 වත් වියදම් කිරීමට සිදුවිය.
සිගරට් ගෙන ඒම තහනම් වුවත් පොලිස් පරීක්ෂා කිරීම් වලින් අනතුරුව ඇතුලු වූ ප්‍රෙද්ශයේ කුඩා වෙළඳසැල් වල ඕනෑ තරම් සිගරට් විකිණිමට තිබුණි.
පොලිස්පතිතුමාගේ මාධ්‍ය සාකච්ඡාව විහිලුවක් නොවන්නේද?
දැන් තවත් අලුත් රංගනයක් සිදුවෙමින් පවතී. ඒ වයඹ පලාතෙනි. එහි පොලිස් අධිකාරිවරයෙක් දැන් වයඹ පලාත තුල වයස 18 අඩු දරුවන් ට “ඉන්ටර්නෙට් කැෆේ“ වලට ඇතුලු වීම තහනම් කර ඇත. එසේ අවශ්‍යනම් පාසලේ විදුහල්පතිවරයාගෙන් ලිපියක් අවශ්‍ය වේ. මීට හේතුව බොහෝ දරුවන් ඒ තුළ අසභ්‍ය දර්ශණ නැරඹීම බව ඔහු කියා සිටී. මොනතරම් දූරදර්ශී තීරනයක්ද. විදුහල්පතිතුමාගෙන් ලිපියක් රැගෙන විත් අසභ්‍ය දර්ශණ නොබලන බවට එතුමාට සහතික විය හැකිද. කළ යුතුව තිබුණේ මේ කැෆේ හිමිකරැවන් දැනුවත් කර ඒ තුළ මේ දර්ශන නැරඹීම නැවැත්වීම නොවේද.
මුදල් ඇති දරුවන් ට ඩොංගලයක් මගින් තමන්ගේ ලැප්ටොප් පරිඝනකය මගින් අවශ්‍ය ඕනෑම දෙයක් බලා ගත හැකිය. සාමාන්‍ය පන්තියේ දරුවන්ට දැන් සිදුවන්නේ කුමක්ද? මේ සීමාකරන්නට සැරසෙන්නේ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය නොවේද? වෙනත් රටවල දරුවන් තාක්ෂණයත් සමග බොහෝ ඉදිරියට ගමන් කිරීමේදී අපේ දරුවන්ට සිදුවන්නේ ලිං මැඩියන් වීමටයි.
ඉන්ටර්නෙට් යනු දැනුම් සම්භාරයකි. ඒ සමගම අනවශ්‍ය ආකාරයේ ළමා මනස දූෂණය කරන ආකාරයේ අන්තර්ගතයන්ද ඒ තුළ ඇත. නමුත් අප කළ යුත්තේ ඉවක් බවක් නැතුව තහනම් කීරීම නොවේ, හොඳ නරක කියා දී දරුවන් ට අවශ්‍ය දේ පමණක් පරිහරණය කිරීටම හුරු කිරීමයි. මනුෂ්‍යා යනු ජීවියෙක් නිසා, ජීවය බාධක මගින් නැවැත්විය නොහැකි නිසාත් කවදා හෝ මේ බාධක බිඳගෙන යන දිනය ඈතක නොවේ!
මෙන්න තවත් අවජාතකයෙක් පටන් අරගෙන. බලාගෙන හිටපන් උබලත් කුජීත වෙලා යන හැටි.